Home Bollywood අනිල් සහ කත්‍රිනාට රත්තරන් වල රස දැනිලා

අනිල් සහ කත්‍රිනාට රත්තරන් වල රස දැනිලා

252
0

අනිල් කපූර් සහ කට්රිනා කයිෆ් යන ජනප්‍රිය නළු නිළි දෙපළ පසුගිය සතියේ මැද පෙරදිග සංචාරයකට පිටත්ව ගියා.

බොලිවුඩ් චිත්‍රපට රූගත කිරීමකට නම් නොවෙයි. රත්තරන් වැඩකටයි. ස්වර්ණාභරණ සාප්පු කිහිපයක් විවෘත කරන්නටයි.

කට්රිනා පිටත්ව ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දේශයටයි. ඇය ඩුබායිවල ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාර තුනක් ආරම්භ කළ බවයි අල්ලපු රටෙන් ලැබුණු පුවතක සටහන් වුණේ.

නවීන ලෝකයට ගැළපෙන විලාසිතාවන්ගෙන් සපිරුණු ස්වර්ණාභරණ මේ වෙළෙඳසල්වල ඇති බවයි, කට්රිනාගේ සමීපතමයන් පවසන්නේ.

අනිල් කප‍ූර් පිටත්ව ගියේ ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි. ඔහු ද එ‍රටෙහි විවිධ ප්‍රදේශවලදී ස්වර්ණාභරණ හල් තුනක් විවෘත කළ බවයි පැවසෙන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි හි එයින් එක් ‘රන්මාලිගයක්’ විවෘත වූ බවත් සාජා ප්‍රදේශයේ දී තවත් වෙළෙඳ සැලක් විවෘත කෙරුණ බවත් සඳහන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.