අනුශ්කා ශර්මා සහ විරාත් කෝලි මේ වන විට ඉන්දියාවේ සිටින ජනප්රියම යුවල කියල නම් කලොත් එකේ වැරැද්දක් නෑ . මේ දෙදෙනාම සුපිරි තරු නිසාවෙන් ඔවුන්ගේ කාර්ය බහුල බවත් ඉතා වැඩියි . ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් අනුශ්කා ශර්මා විරත් කොලි සමඟ කාලය ගත කරන්න බලා සිටින්නේ නොයිවසිල්ලෙන්.
අනුශ්කා මේ දිනවල රංගනයෙන් දායක වන Sui Dhaaga චිත්රපටයේ රූගත කිරීම් සිදුවුනේ ඉන්දියවේ Chanderi ප්රදේශයේදී . එහි රූගත කිරීමට නියමිතව තිබූ සියලු දර්ශන අවසන් කරනවත් එක්කම Sui Dhaagaචිත්රපටයේ මීලඟ රූප ගත කිරීම් සිදුකරන්නේ දිල්ලි වල . එම නිසාවෙන් ඒ අතර තුර දවස් දෙකක විවේකයක් ගන්න අනුශ්කාට පුලුවන් වෙලා තියෙනවා.
විරාත් කෝලි මේ දිනවල ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්රීමියර් ලීග් තරඟාවලියට සූදානම් වනවා. කෙසේ වෙතත් ඔහු සිටින්නේ දිල්ලියේ නිසා අනුශ්කා මේ දින දෙක ඇගේ සැමියා එක්ක ගත කරන්න තීරණය කරලා.