Home Gossip අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් 05 දෙනෙකුට කොරොනා.

අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් 05 දෙනෙකුට කොරොනා.

153
0

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් 05 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ ද සටහනක් තබා තිබේ.

හදිසි තත්ත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු  වසා දැමෙන අතර වසා දමා ඇති කාලය තුළ slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800119119 ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකියි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.