Home Gossip ආරක්ෂක නිළධාරීන්ට අවනත නොවූ ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපතුල ඉදිරියේ වැඳ වැටෙයි – Video

ආරක්ෂක නිළධාරීන්ට අවනත නොවූ ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපතුල ඉදිරියේ වැඳ වැටෙයි – Video

97
0

ඉන්දීය ප්‍රීමියර්ලීග් තරඟාවලියේ සිදු වු විශේෂ සිදුවීම් ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහ වෙනවා.

පසුගිය සති අන්තයේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සහ දිල්ලී ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර පැවැත්වු තරඟය අතරතුර සිදුවූ සිදුවීමක් ගැන මේ වන විට මුළු ලෝකයම කථා බහ වනවා.

විරාත් කොලි කියන්නේ මේ වන විට ලෝකයේ ඉන්න සුපිරිම පිතිකරු කියල කිව්වොත් නිවැරදියි.එම නිසා ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතය කරගත් ඉන්දියානු පුරවැසින් බොහෝ දෙනෙක් කෝලිට ඇලුම් කරනවා.

පසුගියදා පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ දිල්ලී ඩෙයාඩෙවිල්ස් තරඟයේදී පන්දු 40 දී ලකුණු 70 ක් රැස් කිරීමට විරාත් කෝලිට හැකියාව ලැබුණා.

එම පිතිහරඹය දැක මවිතයට පත් කොලිගේ රසිකයෙක් එකවර පිරියට පැමිණ කොලිගේ දෙපතුල ලඟ දනින් වැටී ඔහුට සුබ පැතුම් එක් කර තිබෙනවා. ආරක්ෂක නිළධාරීන් ඔහුව නැවැත්වීමට උත්සහ කරත් මෙම රසිකයා කෙසේ හෝ කෝලි වෙත ලඟාවී සෙල්ෆි ඡායාරූපයක් ගැනිමටද අවස්ථාව උදා කරගත්තා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.