Home Gossip ඇල්බිනෝ කිඹුල් බිත්තර 19 ක් ඇමරිකාවෙන් හමුවේ – ඡයාරූප

ඇල්බිනෝ කිඹුල් බිත්තර 19 ක් ඇමරිකාවෙන් හමුවේ – ඡයාරූප

81
0

සුදු සතුන් එහෙමත් නැතිනම් ඇල්බිනෝ සතුන් අපට දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්.

එම නිසා ඇල්බිනෝ සතුන්ගේ වටිනාකමත් ඉතාමත් වැඩියි .

ඇමරිකාවේ ෆොලෝරිඩා ප්‍රදේශයේ පිහිටි සත්ත්ව උද්‍යානයක වාසය කළ ඇල්බිනෝ කිඹුලෙකු සහ කිඹුලියකගේ එකතුවෙන් ඇල්බිනෝ කිඹුල් බිත්තර 19 ක් බිහි කර තිබෙනවා.

මේ වනවිට එම උද්‍යානේයේ නිළධාරින් විසින් ඉන්කියුබේටරයක් ආධාරයෙන් බිත්තර රකිනු ලබනවා. බිත්තර දැමූ ඇල්බිනෝ කිඹුලිය සමීපයේ එම බිත්තර තබනවාට වඩා බිත්තර ඉන්කියුබේටරය තුල ආරක්ෂිත බව ඔවුන් විශ්වාස කරනවා.මක්නිසාද ෆොලෝරිඩා ප්‍රාන්තයේ තිබෙන උෂ්ණත්වය බිත්තර රැකීමට තරම් සුදුසු නොවන නිසා.

බිත්තර දැමූ ඇල්බිනෝ කිඹුලියට වයස අවුරුදු 25 ක් වන අතර ඇල්බිනෝ කිඹුලාගේ වයස අවුරුදු 14 ක්.

ඔවුන්ගේ බලාපොරොත්තුව මේ බිත්තර 19 න් ඇල්බිනෝ කිඹුල් පැටවු බිභි කිරීමයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.