Home Rasa Cricket උපුල් තරංගගේ පරිණත බව ලොවටම පෙන්වමින් , ගාල්ල කණ්ඩායම කුසලාණය හිමි කර...

උපුල් තරංගගේ පරිණත බව ලොවටම පෙන්වමින් , ගාල්ල කණ්ඩායම කුසලාණය හිමි කර ගනී.

216
0

අන්තර් පළාත්  ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. ඒ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතරයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබාදීමට එහි නායක උපුල් තරංගට හැකියාව ලැබුණා . ඒ අනුව ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කර ගත්තා. උපුල් තරංග පන්දු 122 කදී ලකුණු 124 ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් ඇතුලත්.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමට පන්දුවාර 44 ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 245 ක් පමණයි. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වූ ක්‍රීඩකයා වන්නේ කමිඳු මෙන්ඩිස් . ඔහු පන්දු 38 කදි ලකුණු 41 ක් රැස් කර ගත්තා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් සහ හයේ පහර 1 ක් ඇතුලත්.

 

ඒ අනුව සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් කොලඹ කණ්ඩායම පරදවා ලකුණු 75 කින් ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.