Home Gossip උසේන් බෝල්ට්ගේ ක්‍රීඩා දිවිය නිමයි

උසේන් බෝල්ට්ගේ ක්‍රීඩා දිවිය නිමයි

299
0

ඊයේ(05) ලන්ඩන් නුවර දී පැවැත් වූ, ‘2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ’ මීටර් 100 පිරිමි ධාවන ඉසව් අවසන් තරගය ඔලිම්පික් ශූර උසේන් බෝල්ට්ගේ අවසන් තරගය වූ අතර, එහි දී ඔහු තෙවන ස්තානය හිමි කර ගත්ත.
මෑත කාලයේ, බෝල්ට් මේ ආකාර පරාජයක් අත්කරගෙන නොතිබීම නිසාත් මේ සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා.
බොල්ට් පැරද වූ ජස්ටින් ගැට්ලින්, බෝල්ට් ට දණ නමා ආචාර කර සුබ පැතුම් ලබාගත් අතර, දෙවැනියාට ද බොල්ට් අවසානයේ සුබ පැතුම් එක් කරා.
ප්‍රථමයා වූ ගැට්ලින් මෙම තරගය නිම කළේ, තත්පර 9.92ක දක්ෂතාවයකින් වූ අතර දෙවැනියා වූ කෝල්මන් 9.94 හා තෙවැනියාවූ බොල්ට් 9.95 කින් තරගය අවසන් කරන ලදි..
බොල්ට් තම මීටර සියය ක්‍රීඩා දිවියේ, අවසන් තරගය වූ නිසා, චකිතයෙන් සිටි බවටත්, තරගකාරී ගැට්ලින්ට තරගයට පෙර හූ හඩ නගා උසුලු විසුළු කර මානසික අසමතුලිතතාවයකින් පෙළුණ අතර එම කරුණු ඔහුගේ පසුබෑමට බලපාන්නට ඇතැයි විශ්වා කෙරේ.
30හැවිරිදි උසෙන් බෝල්ට් 2008, 2012 සහ 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වලදී මීටර් 100, මීටර් 200 සහ මීටර් 100 හතර සහය දිවිමේ ඉසව්වල අඛණ්ඩව රන් පදක්කම් 9ක් හිමිකර ගත් ලොව පළමු ක්‍රීඩකයා ද වෙයි. ඔහු 2008 සිට සහභාගීවූ මීටර 100 අවසන් තරග 74 කින් 69ක්ම ජයගෙන තිබෙනවා
ඔහු තවමත් ලෝකයේ මීටර සියය දීවීම සඳහා කෙටිම කාලය වන 9.58 (2009) හා දෙවැනි ස්ථානය වන 9.63 (2012) වාර්තා වල හිමිකරුවායි

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.