Home Hollywood එමාගේ පෙම් කතාවට තිත

එමාගේ පෙම් කතාවට තිත

253
0

සිව් මසක ප්‍රේමයකින් පසුව වෙන්වුණු යොවුන් පෙම් යුවළක් ගැන වගතුග හොලිවුඩ්පුරයෙන් ඇසෙනවා.

පෙම්වතිය, එමා වොට්සන්. ඇයට පෙම් කළේ කෝඩ් ඕවර්ස්ට්‍රීට්ට . එමා වොට්සන් ජනප්‍රිය යොවුන් නිළියක බව ඔබ දන්නවා. ඇගේ සිව්මස් පෙම්වතා ගැන නම් හුඟ දෙනකු දන්නේ නැතුව ඇති. ඔහු ද සිනමා නළුවෙක්. ඒ වගේම ගායකයෙක්.

විසි අට වියැති එමා සහ විසිනව වියැති කෝඩ් මුලින් ම මුණ ගැසී ඇත්තේ 2018 පෙබරවාරි මාසයේදී යි. ඉන් පසුව ඔවුන් දෙදෙනා නොයෙකුත් සාදවලට, සිනමා උත්සවවලට සහභාගි වුණේ‍ සැබෑ පෙම්වතුන් යුවළක් හැටියටයි.

එහෙම වුණත්, එමාට අවශ්‍ය වී තිබුණේ තමන් සහ කෝඩ් අතර පවතින සබඳකම ගැන තොරතුරු වසන් කරගෙන සිටීමට බවයි, හොලිවුඩයේ සමහර පුවත්පත් සඳහන් කර තිබුණේ  එමා ගැන කිසිවක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමට කෝඩ් වග බලා ගත්තාය කියලයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.