Home Bollywood ඓශ්වර්යා රඟද්දී සහය අධ්‍යක්ෂවරිය මෝටර් සයිකලයක හැප්පෙයි

ඓශ්වර්යා රඟද්දී සහය අධ්‍යක්ෂවරිය මෝටර් සයිකලයක හැප්පෙයි

298
0

ජංගම දුරකතන, ඉයර්ෆෝන් භාවිතා කරමින් මග තොටේ ගමන් කිරීම අනතුරුදායක බව දැන දැනත් ඒ වරද කළ ‘Fanney Khan’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරියක තුවාල ලබා ඇති බවයි ආරංචි.

ඓශ්වර්යා රායි, අනිල් කපූර් සහ රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිත නිරූපණය කරන Atul Manjrekar අධ්‍යක්ෂණය කරන ‘Fanney Khan’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් පසුගිය දා මුම්බායි නුවර රූගත වුණා.

මුම්බායි හි ෆ්ලෝරා මවුන්ටන් ප්‍රදේශයේ රූගතවූ එක්තරා දර්ශනයක ‍ඓශ්චර්යා කුලී රියක් නතර කිරීමේ අවස්ථාවක් ලැබුණා.

ඇය එම දර්ශනයේ රඟපාද්දී ඒ අසලින් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරියක් රැඳී සිටියේ ඉයර් ෆෝන් එකකුත් දමාගෙනයි.

දර්ශනය රූගතවී නිමවීමත් එක්ක ම ඇය පාර හරහා ගමන් කළා. එවිට ම ඇය වෙත වේගයෙන් ළඟා වෙමින් තිබුණේ මෝටර් සයිකලයක්.

එහි ශබ්දය සහය අධ්‍යක්ෂවරියට නොඇසුණේ ඉයර් ෆෝන් කට්ටලය නිසයි. වේගයෙන් පැමිණි මෝටර් සයිකලය ඇයව හප්පාගෙන ඉදිරියට ගියා.

සහය අධ්‍යක්ෂවරිය බිම ඇද වැටුණේ දරුණු තුවාල සහිතවයි. එවිට ම ක්‍රියාත්මක වූ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම වහාම ඇයට ප්‍රථමාධාර ලබාදී ඇයව රෝහල් ගත කළා.

අධ්‍යක්ෂ Atul Manjrekar පැවසුවේ සහය අධ්‍යක්ෂවරිය ඉක්මණින් ම සුවය ලබා යළි රූගත කිරීම් කටයුතුවලට පැමිණේවි කියලයි.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.