Home Hollywood Oscars සම්මාන උළෙලේ විශේෂ අවධානය – Video

Oscars සම්මාන උළෙලේ විශේෂ අවධානය – Video

109
0

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ අවධානයකට ලක්වූ ශිල්පිනිය බවට පත්ව ඇත්තේ සය හැවිරිදි Maisie Sly නම් බිහිරි දැරිවියයි.

ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම සජීව ක්‍රියාකාරී කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ The Silent Child නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ Maisie Sly එක රැයකින් සුපිරි තරුවක් බවටද පත්ව තිබෙනවා.

එසේම Maisie Slyගේ රංගනයද විචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබේ. විනාඩි 20ක් පුරා දිවයන මෙම චිත්‍රපටය තුළ කන් ඇසෙන යුවළකට දාව ඉපදෙන බිහිරි දැරියක් වන ලිබී සමඟ ජීවත්වීමට දරන අරගලය සහ ඔවුන්ට හමුවන තරුණියක් ලිබීට සංඥා භාෂාව පුහුණු කරවන ආකාරය නිරුපණය වේ. මෙම චිත්‍රපටයේ එම තරුණියගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ Rachel Shenton විසිනුයි.

Oscars සම්මාන උළෙලේදී හොඳම සජීව ක්‍රියාකාරී කෙටි චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ලබාගත්තේ Rachel Shenton සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ Chris Overton විසිනුයි. එසේම සම්මනය ලබාගත් Rachel සංඥා භාෂාව භාවිත කරමින් සම්මානය ලබාගැනීම විස්තර කිරීමද විශේෂත්වයකි.

මෙම චිත්‍රපටය සඳහා Maisie Sly තෝරාගෙන තිබෙන්නේ තවත් එවැනිම දැරියන් සියයක් පමණ දෙනා අතුරෙනුයි. ඇය ඔස්කාර් සම්මාන උළෙල සඳහා එක්වී සිට ඇත්තේ ඇගේ මව සමඟයි.

එසේම ඇගේ පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනාද ඇතුළුව මව සහ පියාද උපතින් බිහිරි වූවන්. ඔවුන් නිවසේදී අදහස් හුවමාරු කරගැනීමට භාවිත කරන්නේ බ්‍රිතාන්‍ය සංඥා භාෂාව බව පැවසේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.