Home Bollywood කත්‍රිනාට සහ ජැක්ලීන්ට සල්මාන් කරන්න ගිය දේ

කත්‍රිනාට සහ ජැක්ලීන්ට සල්මාන් කරන්න ගිය දේ

149
0

කලකට පෙර ශ්‍රී දේවි සහ ජයප්‍රදා අතර තිබුණේ දැඩි අමනාපයක්. මේ විරසකය අවසන් කරන්නට දැඩි වෙහෙසක් ගත්තේ රාජේෂ් ඛන්නා සහ ජිතේන්ද්‍රයි.

එක් අනපේක්ෂිත මොහොතකදී ශ්‍රී දේවිව සහ ජයප්‍රදාව කොටු කරගත් රාජේෂ් සහ ජිතේන්ද්‍ර, ඔවුන් දෙදෙනාම කාමරයකට දමා දොරගුලු දැමුවා.

මේ සුපිරි නළු දෙපළම ශ්‍රී දේවිට සහ ජයප්‍රදාට කීවේ දෙදෙනාගේ ප්‍රශ්න නිරාකරණය කරගෙන මිතුරු වන ලෙසයි. ඒත්, වෑයම සාර්ථක වුණේ නැහැ. ටික වේලාවකට පසුව දොරගුළු හැර බලද්දී සුපිරි නිළියන් දෙදෙනා සිටියේ දෙපසට වී මුහුණු නොරොක් කරගෙනයි.

මෑතකදී සල්මන් ඛාන් ද මෙවැනිම දෙයක් කරන්නට උත්සාහ ගත්තා. ඒ, ජැකලින් ෆර්නැන්ඩස් සහ කට්රිනා කයිෆ් අතර තිබූ අමනාපය දුරු කරන්නටයි. අමනාපය තිබුණත් ඔවුන් දෙදෙනා සල්මන්ගේ වි‍දේශ ප්‍රසංග මාලාවටත් පසුගිය දිනවල එක් වී සිටියා.

අමනාපය තවමත් තිබෙන බව දැනගත් සල්මන්, ජැකලින් සහ කට්රිනාව මිතුරු කරවන්න හිතා ගෙන ‘ජිතේන්ද්‍ර – රාජේෂ් ක්‍රමය’ අනුගමනය කරන්න සැරසුණා.

නමුත්, ඔහුට වැඩි මහන්සියක් වෙන්නට සිදුවුණේ නැහැ. ඔහු ඉදිරියේදීම එකිනෙකා වැලඳගත් ජැකලින් සහ කට්රිනා, ඔහුට පොරොන්දු වුණේ ‘මින් මතුවට අපි තරහ නෑ’ යි කියමින්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.