Home Rasa Cricket ක්‍රිකට් දැවැන්තයින් සමඟ සාකච්චාවෙන් පසු ක්‍රීඩාංගණය ඉදිකිරීම් නවතා දමයි.

ක්‍රිකට් දැවැන්තයින් සමඟ සාකච්චාවෙන් පසු ක්‍රීඩාංගණය ඉදිකිරීම් නවතා දමයි.

31
0

ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවිමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී මෙම සාකච්ඡාව පැවැත් වුණි.

මීට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවිම සදහා ක්‍රියාත්මක කළයුතු යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය

එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ මහේල ජයවර්ධන කියා සිටියේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රිඩාව නැංවිම සදහා පියවර රැසක් ගත යුතුව පවතින බවයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.