Home Hollywood ක්‍රිස් සහ ඩැකෝටාගේ රහස

ක්‍රිස් සහ ඩැකෝටාගේ රහස

177
0

ක්‍රිස් මාටින් – ඩැකෝටා ජොන්සන් යුවළ පසුගිය සතියේ වැන්කුවර් නුවර අවන්හලක් තුළ සිසිල් බීම පානය කරමින් සිටින අයුරු බොහෝ දෙනකු දැකලා.

හොලිවුඩ් මාධ්‍ය මේ දෙදෙනා අලුත් ම පෙම් කුරුලු ජෝඩුව හැටියටයි හඳුන්වන්නේ. ඒත් තවමත් මේ ජෝඩුව, තමන් දෙදෙනා පෙමින් වෙලී සිටින බවක් ලෝකයට හඟවා නැහැ.

ජනප්‍රිය ගායක සහ ගීත රචක, ක්‍රිස් මාටින් මේ වන විට 40 වැනි වියෙහි පසුවෙනවා. ‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ චිත්‍රපටයේ රඟපෑමෙන් කාගේත් අවධානයට ලක්වූ දැනට 28 වැනි වියෙහි පසුවන ඩැකෝටා ජොන්සන්, වැන්කුවර් අවන්හල තුළදී ක්‍රිස් සමඟ සිසිල් බීම තොලගාමින් මුමුණමින් සිටියේ සාමාන්‍ය යුවතියක විලසින්.

(ක්‍රිස් මාටින් මීට කලින් සුපිරි නිළි ග්විනෙත් පැල්ට්‍රෝව් සමඟ විවාහ වී සිටියා. ඒ, 2003 – 2016 අතර කාලයේදීයි.)

ක්‍රිස් සහ ඩැකෝටා මුලින් ම හමුවුණේ 2017 ඔක්තෝබර් මාසයේදී, ලොස් ඇන්ජලීස් නුවරදීයි. එතැන් සිට මේ දෙදෙනා නිරතුරුව ම හමුවූ බවයි පැවසෙන්නේ.

පසුගිය දිනවල ‘ෆිෆ්ටි ෂේඩ්ස්’ චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය කැනඩාවේදී රූගත කෙරුණා.

ඩැකෝටා ඒ රූගත කිරීම්වල යෙදී සිටිද්දියි ක්‍රිස් මාටින් වැන්කුවර් නුවරදී ඇයව හමුවුණේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.