Home Rasa Cricket කුසල් ,චන්දිමාල් හැරෙන්න ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ල අසාර්ථක වෙයි . ඊයේ දිනයේ...

කුසල් ,චන්දිමාල් හැරෙන්න ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ල අසාර්ථක වෙයි . ඊයේ දිනයේ ශ්‍රී ලංකා – කොදෙව් තරඟයට වෙච්ච දේ.

99
0

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඊයේ St Lucia – Gros Islet හිදී ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනෙෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

පළමු පන්දුවේ සිටම සටන්කාමී පන්දු යැවීමක නිරත වූ කොදෙව් පන්දු යවන්නන් හමුවේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් පහසු වූයේ නෑ.

ඊයේ දිනයේ ටෙස්ට් වරම් හිමිකරගත් මහේල් උඩවත්ත ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

අසීරු පන්දු යැවීම හමුවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119 ක් රැස් කර ගැනීමට සමත් වුණා . කුසල් මෙන්ඩිස් ලකුණු 45.

තරඟයේ දෙවන දිනය අදයි. තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන කොදෙව් කණ්ඩායම දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 2 ක් රැස් කරගෙන සිටියා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.