Home Rasa Cricket කොදෙව් පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි. පළමු තරඟයේ ජය...

කොදෙව් පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි. පළමු තරඟයේ ජය කොදෙව්න්ට..

136
0

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 226 කින් ජය ගැනීමට ඊයේ Jeason Holder ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරඟ 03 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ 1-0 ලෙස කොදෙව්වන් පෙරමුණේ සිටිනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 414 ක් රැ කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.

දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කර ගනිමින් ඉනිම අත් හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 452 ක ඉලක්කයක් ලබා දුන්නා.

තරඟයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 226 ක් පමණයි .

ඒ අනුව ප්‍රථම ටෙස්ට් තරඟය ලකුණු 226 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරඟය පැවැත් වුණේ Trinidad හි Port of Spain හිදියි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.