Home Gossip කොරෝනා පාලනයට උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වෙයි.

කොරෝනා පාලනයට උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වෙයි.

182
0

කොරෝනා වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.

ජාතික රෝහල විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙම උපකරණය මිලදී ගැනීම සඳහා සිය දායකත්වය දැක්වීමට පියවරගෙන තිබේ. ස්වරාලය හෙවත් උගුර ආශ්‍රිත ප්‍රදේශයේ වූ පටක පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනෙන මෙම ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) නම් උපකරණයෙන් කොරෝනා රෝගීන් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතින්න උපකරණයක් වේ. 

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, “මීට කළින් මෙවැනි උපකරණයනක් ජාතික රෝහලේ තිබිලා තියෙනවා. නමුත් ඒකෙන් කොරෝනා ආසාධිතයකු සොයා ගැනීම නිසා ඒ උපරකරණය නැවත භාවිතා කිරීමේ හැකියාවක් නැති බව අප වෙත දන්වා තිබුණා. ඒ අනුව ඒ සඳහා වූ වැඩ සටහනට අපි දායකත්වය දැක්වීමට තීරණය කළා”යි සඳහන් කර සිටියේය.

රට තුළ පවතින භයානක තත්ත්වය තුළ එම උපකරණය අතශවශ්‍ය එකක් බවට පත්ව තිබෙන අතර මේ වන විටත් එය ඇණවුම් කර තිබේ. ඇණවුම් කර තිබෙන උපකරණය පෙර පැවැති උප කරණය මෙන් නොව ජීවානුහරණය කිරීමෙන් පසු නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව පවතින්නක් වන බවද කරුණාරත්න මෙහිදී වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේය. එම නව යන්ත්‍රය ලබන 27 වැනිදාට ප්‍රථම ලැබීමට නියමිතව තිබේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.