Home Gossip ගජමෑන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය “වස්ති” භාර ගනී.

ගජමෑන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය “වස්ති” භාර ගනී.

81
0

ශ්‍රී ලංකාවේ සිනමා කලාව නව මානයක් වෙත යොමු කරමින් මෝශන් කැප්චර් තාක්ෂණයෙන් ලංකාවේ බිහි වූ ප්‍රථම 3D චීත්‍රපටය වන “ගජමෑන්” හී සංගීත අධ්‍යක්ෂණය සඳහා එහි අධ්‍යක්ෂවරයා විසින් අනුශ්ක උදාන ලියනගේ (වස්තී) තෝරා ගෙන තිබෙනවා.

මේ බව සඳහන් කරමින් අනුෂ්ක ෆේස්බුක් සටහනක්ද එක් කර තිබෙනවා

එම සටහන පහතින්.

ශ්‍රී ලංකීය සාම්ප්‍රදායික සිනමාව අතික්‍රමණය කරමින් , බයිස්කෝප් වංශකතාවේ මීලග අද්විතීය හැරවුම් ලක්ශය බවට පත්කරවන ලංකාවේ ප්‍රථම 3D සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ භාර ගතිමි. ඒත් මෙවැනි වැදගත් සිනමාපටයක සංගීත අධ්‍යක්ෂණයට මා වැනි ට්‍රැක පැනපු ඩයල් එකක් තෝරා ගත්තේ ඇයි දැයි “ගජමෑන්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක Chanaka Perera  මහතාගෙන් අසා දැනගන්න..!!

හෑ…… මූ හෙන පොර ටෝක් දෙනවා නේද.?ඔව් මහත්තයෝ පොර ටොක් තමයි.

ගමේ ඉදලා ,බස් එකෙන් කොලඹට සින්දුවක් අරගෙන ඇවිත් TV | FM ගාව වැද වැටෙන දුප්පත් කොල්ලන්ගේ සින්දු Play නොකර ., පැකේජ් ගැන කියලා , බය කරලා , ආයෙත් හරවලා ගෙදර යවන්න එපා…!! එහෙම උනොත් සිද්ධ වෙන්නේ එයාලා වැඩිම Subscribes තියන Youtube Channel වල අයිතිකාරයෝ වෙලා අවසානේ සිනමාවේ සංගීත අධ්‍යක්ෂකයින් බවට පත්වෙන එකයි..!!
ඒස්ස්ස් වාහ්හ් පූහ්හ්.., 
වරෙව් ඇස්වහ කටවහ යන්න සුන්නක්කාරම් ටිකක් පුච්චගන්න..!!

කවදා හරි Film එකකට music කරනවා කියන හීනේ හිතේ කොනක තිබ්බා, ඒත් හෙනයක් ගැහුවා වගේ ලංකාවේ පළවෙනි 3D film එකම ලැබෙයි කියලා බලාපොරොත්තු උනේ නෑ..

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.