Home Gossip ගුවන් යානා පිරිසිඳු කරන්නා, ගුවන් නියමුවෙකු වූ හැටි.

ගුවන් යානා පිරිසිඳු කරන්නා, ගුවන් නියමුවෙකු වූ හැටි.

130
0

ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨානය සහ කැපවීම අනිවාර්යයෙන් තිබිය යුතු බව අසා තිබුණත් එය ක්‍රියාවෙන් පෙන්වන අය අද සමාජයේ හරිම අඩුයි.

අධිෂ්ඨානය සහ කැපවීම ජීවිතයේ තම ඉලක්ක කරා රැගෙන යන බව මනාව ඔප්පු කළ අවස්ථාවක් අපට නයිජීරියාවෙන් වාර්තා වුණා.

අවුරුදු 24 ක් පුරාවට ගුවන් යානා පිරිසිඳු කරන්නෙකු ලෙස කටයුතු කළ Mohammed Abubakar නම් පුද්ගලයෙකු පසුගියදා ගුවන් නියමුවෙකු ලෙස රාජකාරි අරම්භ කර තිබෙනවා.

ඉතා අඩු වැටුපක් යටතේ Air Azman ගුවන් සේවය වෙනුවෙන් කටයුතු කළ මෙම පුද්ගලයා වසර 24 ක් පුරාවට සේවය කරන අතර තුරදී , තම සේවය අවංකව සහ කැපවීමෙන් ඉටු කිරීමට ඔහු අමතක කළේ නැහැ.

ඉන් නොනැවතුනු Abubakar විසින් තම ඉහල කළමණාකාරිත්වයේ උපදෙස් සහිතව ගුවන් නියමුවෙකු ලෙස තම හැදෑරීමේ කටයුතු ආරම්භ කර තිබෙන්නේ කෙසේ හෝ ගුවන් නියමුවෙකු වීමේ තම සිහිනය සැබෑ කර ගැනීමේ අරමුනින්.

ඉකුත්දා Abubakar හට එම සිහිනය හැබෑ කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඔහු මේ වනවිය ලොව පිළිගත් ගුවන් සමාගමක කපිතාන්වරයෙක්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.