Home Gossip ජයග්‍රාහී ලීලාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථාන සංචාරය අවසන් කරයි.

ජයග්‍රාහී ලීලාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථාන සංචාරය අවසන් කරයි.

41
0

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත් වූ විස්සයි විස්ස තරඟාවලියේ තුන් වන තරඟයත් ජයග්‍රහණය කරමින් 3-0 ලෙස සමස්ථ තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

පකිස්ථානය ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම වල ප්‍රථම ස්ථානයේ පසුවන කණ්ඩායමයි.

ඊයේ පැවති අවසන් තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.

එහිදී තම ප්‍රථම විස්සයි ව්ස්ස තරඟය ක්‍රීඩා කල ඕශද ප්‍රනාන්දු වේගවත් ලකුණු 78 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට කඩුලු 06 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

ඒ අනුව තරඟාවලියේ පිට පිට තුන් වන තරඟයද ජයග්‍රහණය කරමින් සමස්ථ තරඟාවලියේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.