Home Hollywood ‘ ටයිටැනික් ‘ චිත්‍රපටය පරාජය වෙන්න තව දින කීපයයි.

‘ ටයිටැනික් ‘ චිත්‍රපටය පරාජය වෙන්න තව දින කීපයයි.

278
0

Marval සමාගම විසින් නිෂ්පාදනය කර ඇති නවතම චිත්‍රපටය වන ‘ Black Panther ‘ මේ වන විට ඇමරිකාවේ Box-Office වාර්තා වලට අනුව තුන්වන ස්ථානය හිමි කර ගැනීමට සූදානම් බවයි Hollywood වලින් වාර්තා වන්නේ.

ඒ අනුව අවුරුදු 20 ක් පුරාවට ඇමරිකාවේ වැඩිම මුදලක් ඉපැයූ චිත්‍රපට පෙලගැස්මේ තුන්වන ස්ථානය හිමිකර ගෙන තිබූ , ජෙම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කල ‘ Titanic ‘ චිත්‍රපටය පසු කර යාමට ‘ Black Panther ‘ සූදානම්.

Marvel Studios’ BLACK PANTHER
T’Challa/Black Panther (Chadwick Boseman)
Credit: Matt Kennedy/©Marvel Studios 2018

1997 දී තිරගත වූ ‘ Titanic ‘ චිත්‍රපටයත් , ඉන්පසුව නිකුත් වූ Titanic 3D චිත්‍රපටයත් ඉපැයූ මුලු ආදායම ඇමරිකානු ඩොලර් 659.4 ක් .

නමුත් Black Panther චිත්‍රපටය පසුගිය සිකුරාදා වනවිට ඉපැයූ ආදයම ඇමරිකානු ඩොලර් මිලියන 659.2 ක් . එම නිසා විචාරකයින් පවසන්නේ තවත් දින කීපයකින් ඇමරිකානු Box-office වාර්තා අතර තුන්වන ස්ථානයට පත් වීමට ‘ Black Panther ‘ චිත්‍රපටයට හැකි වනු ඇති බවයි.

එම පෙලගැස්මේ දෙවන ස්ථනයට පත් වී තිබෙන්නේ 2009 දී තිරගත කල ‘ Avatar ‘ චිත්‍රපටයයි. එම චිත්‍රපටය ඉපැයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 760 ක්. එහි පලමු ස්ථනය හිමිකර ගෙන තිබෙන්නේ ‘ Star Wars : Force Awakes ‘ චිත්‍රපටයයි . එහි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 936 ක්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.