Home Bollywood ට්‍රක් රථයක් එක්ක හරි හරියට ඔට්ටු වුණු සොනාක්ෂි

ට්‍රක් රථයක් එක්ක හරි හරියට ඔට්ටු වුණු සොනාක්ෂි

187
0

මෑතකදී රූගත කෙරුණු ‘පර් භාග් ජායෙහි’ චිත්‍රපටයේ ඇතුළත් වුණ දර්ශන වලින් වැඩි ප්‍රමාණයකම තිබුණේ සටන් සහ ත්‍රාස ජනක ජවනිකා. මෙහි සොනක්ෂි සිංහ රඟපෑවේත් එවැනි අවදානම් චරිතයක්.

එක්තරා ජවනිකාවකදී ඇයට සිදුවුණා විශාල ට්‍රක් රථයක් පදවාගෙන යන්න. එය එතරම් පහසු දෙයක් නොවේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ මුඩාසර් අසිස් කල්පනා කළේ සොනාක්ෂිට මේ බර වාහනය පැදවිය හැකි වේවිද කියලයි.

ට්‍රක් රථයට ‘පවර්ස්ටිරියන් වීල්’ එකක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඔහු සොනාක්ෂිගෙන් ඇසුවේ ට්‍රක් රථය පදවන්නට පුළුවනිද කියලයි. සොනාක්ෂි එක පයින්ම කැමැති වුණා. බර වාහනයක් නිසා ඇයට එම වාහනය පදවා හුරුවීමට සිදු වුණා.

චිත්‍රපටය රූ ගත කරද්දී, සොනාක්ෂි මේ ට්‍රක් රථය කි.මී. 30 ක් පමණ වේගයෙන් පදවමින් රංගනයට දායක වී තිබුණා. සොනක්ෂි පැවසුවේ තමන්ට වයස අවුරුදු 16 ක් ව තිබෙද්දී සැහැල්ලු ට්‍රක් රථයක් පදවා තිබුණු බවයි.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.