Home Hollywood ටොම්ගේ ඡායාරූපයේ රහස – Photos

ටොම්ගේ ඡායාරූපයේ රහස – Photos

184
0

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය වන ‘මිෂන් ඉම්පොසිබල්: ෆෝල්අවුට් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා ටෝකියෝ නුවර සිනමා ශාලාවකදී පැවැත්වුණා.

එය නැරඹීමට එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ නළු නිළියන් සිනමා හලට පැමි‍ණියේ රතු පලස් මතින් පිය මනිමින්.

ටොම් කෲස් ද සිනහ පිරි මුවින් යුතුව අවට රැස්ව සිටි රසික පිරිසට, තම හිතවත් අයට අත වනමින් පිය මැන්නා. ඕනෑම මොහොතක කැපී පෙනෙන අසාමාන්‍ය දසුන් සොයමින් පසුවන කැමරා ශිල්පීන් කිහිප දෙනෙකු මෙහිදී ටොම් වෙත සිය කැමරා කාච එල්ල කළේ පුදුම උනන්දුවකින්. එහි ‘රහස’ හෙළිවුණේ ටොම් ගේ ඡායාරූප වෙබ් අඩවිවල පළවීමත් සමඟයි. ඒ උත්කර්ෂවත් අවස්ථාවේ ඔහු රතු පලස මතින් පිය මැන ඇත්තේ තම කලිසමේ ‘සිප් එක’ හරි හැටි දමා නොගෙනයි. ඒ බව ඡායාරූප වල හොඳින්ම සටහන් වී ති‍බු‍ණා.

කොහොම වෙතත්, මේ ඡායාරූප කෙරෙහි බොහෝ දෙනා තුළින් මතුවුණේ අප්‍රසාදයක්. මෙවැනි අතපසුවීම් කෙතරම් ප්‍රබල පුද්ගලයෙකුට වුණත් සිදුවෙන්නට ඉඩ ඇති බවයි. ඔවුන් පවසන්නේ.

හැරත්, ‘මිෂන් ඉම්පොසිබල්: ෆෝල් අවුට්’ චිත්‍රපටයේ රඟපාද්දී තම පාදයක අස්ථි බිඳීමකට පවා ලක්වුණු ටොම් කෲස් මෙලෙස හාස්‍යයට ලක් කළ යුතු නැති බවයි ඔවුන්ගේ මතය වුණේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.