Home Hollywood ටොම් කෘස් අබුඩාබියේ

ටොම් කෘස් අබුඩාබියේ

162
0

සුපිරි හොලිවුඩ් නලු ටොම් කෘස් රගන නවතම චිත්‍රපටය වන ‘‘ Mission: Impossible 6 – Fallout ‘‘ චිත්‍රපටයේ රූගත කිරීම් එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරදී සිදු කෙරෙන බව වාර්තාවේ.

‘‘අබුඩාබියේ සිටින සියලු දෙනාටම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.  ඒ වගේම ලබා දුන් උදව් සහ සහයෝගීතාවයද අගය කරනවා.  ඒවගේම අබුඩාබියේ සිදු කෙරුණු චිත්‍රපටයේ රූගත කිරීම් අපූරුම අත්දැකීමක් එක් කර දුන් බවද ටොම් කෘස් සිය ට්විටර් සටහනින් කියා තිබිණි.

කෙසේ වෙතත් නවතම චිත්‍රපටයේ රෑගත කෙරුණු දර්ශණ හෝ දර්ශන තල මොනවාද යන්න මෙතෙක් හෙලී වී නැත.

මේ අතර චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුර ටොම් කෘස් අබුඩාබියේ සංචාරයේ නිරත වීමටද අමතක නොකළ අතර ඔහු එමිරේටයේ තිබෙන ෆැල්ක් හොලිකොප්ටර් සේවාවට අයත් හෙලිකොප්ටරයකින් ගුවන් සංචාරයක නිරත වූ බවද වාර්තාවේ.

ටොම් කෘස්  රගන මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන Mission: Impossible – Ghost Protocol චිත්‍රපටය 2010 වසරේදී එමිරේටයේ ඩුබායි මුල් කර ගෙන රූගත කෙරුණු අතර එය එහි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා හිදී රෑගත විණි.

ටොම් කෘස් ගේ ‘‘ Mission: Impossible 6 – Fallout ‘‘ චිත්‍රපටය ලබන ජූලි මාසයේදී තිරගත වීමට නියමිතය.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.