Home Rasa Cricket ඩෙංගු නිසා සුරංග ලක්මාල්ට පකිස්ථාන සංචාරය අහිමි වෙයි.

ඩෙංගු නිසා සුරංග ලක්මාල්ට පකිස්ථාන සංචාරය අහිමි වෙයි.

107
0

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු රෝගය වැළඳීම හෙතුවෙන් ඔහු පකිස්ථාන සංචාරය සමඟ එක් නොවනු ඇති බව වාර්තා වනවා.

සුරංග ලක්මාල් වෙනුවට නවක ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට එක් කර තිබෙනවා.

තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. තරඟාවලියේ ප්‍රථම තරඟය පකිස්ථනයේ Rawalpindi ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රථම තරඟයේ විශේෂ අමුත්තන් හැටියට ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර සහ පකිස්ථානයේ හිටපු ටෙස්ට් නායකයකු වන ජාවිඩ් මිහන්ඩාඩ් යන මහත්වරුන් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.