Home Gossip තක්කාලි ආරක්ෂා කරන්න මුරභටයෝ

තක්කාලි ආරක්ෂා කරන්න මුරභටයෝ

207
0

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ තොග වෙළඳපොළක තක්කාලි ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ මුර භටයන් යොදවා ඇති බව වාර්තා වනවා.
මීට හේතුව වී තිබෙන්නේ ඉන්දියාවේ මේ දිනවල තක්කාලි මිල ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පැවතීමයි.
ඉන්දියාවේ තක්කාලි වගා කෙරෙන ප්‍රධාන ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂා හේතුවෙන් මෙවර අස්වනු විනාශවී ඇත.
අස්වැන්න හිඟ වීම හේතුවෙන් මේවනවිට තක්කාලි කිලෝවක් ඉන්දියානු රුපියල් 100කට පමණ ඉහල ගොස් ඇති අතර එය කලින් තිබූ මිල මෙන් දෙගුණයක් පමණ වනවා.
මේ නිසා තක්කාලි හොරු වැඩි වී තිබෙන බැවින් ඉන්දෝර් නගරයේ ඇති තොග වෙළඳපොළක් තුළ සන්නද්ධ මුර භටයන් හය දෙනෙකු පමණ යොදවා බවයි වාර්තා වන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.