Home Gossip “තනි අම්මා කෙනෙක්ගෙ දුවක් විදිහට ඒක මගේ ඇස් දෙකට මම දවස ගානේ...

“තනි අම්මා කෙනෙක්ගෙ දුවක් විදිහට ඒක මගේ ඇස් දෙකට මම දවස ගානේ දකිනනවා ” කවින්ද්‍යා අධිකාරී

412
0

තමන් හදාවඩා ගන්න කැපවෙන මව එහෙමත් නැතිනම් ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව ගැන, ඇගේ දියණිය වන කවින්ද්‍යා විසින් අද උදෑසන ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්.

තාත්තා කෙනෙක් කියන්න, ඒ මනුස්සයාගේ Surname එක විතරක් ම නෙමේ දරුවට දෙන්න ඕනේ… ඒ දරුවට ඕන රැකවරණය ,ආදරය ද ලැබෙන්න සලස්වන්න ඕනේ. අන්න එහෙම කරන කෙනායී “තාත්තා” විදිහට සලකන්න පුලුවන්.

පාරේ හිඟා කන මනුස්සයාට උනත් පියෙකු නැති දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වෙනුවෙන් ඒ දරුවට තමන්ගේ “Surname” එක දෙන්න පුලුවන්. එහෙම තමන්ගේ නොවන දරුවන්ට නම් දුන්න පිරිමි ඕන තරම් ඉන්නවා. ඕන තරම් කිව්වට, එක කොටසක් ඉන්නවා ඒ දරුවා හට ඇත්තටම අනුකම්පාවක් සහ ආදරයක් හට අරගෙන Surname එක දෙන පිරිමින් කොටසක්, ඒ වගේම අනිත් කොටස යනඑනමක් නොමැතිව ඒ අම්මාගේ සෙනෙහස තකා Surname එක දෙන කොටසක්.ඒ අතරිනුත් වැඩියෙන්ම ඉන්නේ දෙවෙනියට මම කියපු පිරිමින්.

කොච්චර කිව්වත් මේ ලෝකේ ගැහැණුන්ට වඩා පිරිමි වැඩ කරනවා කියලා ඒක අමූලික බොරුවක්. තනි අම්මා කෙනෙක් ගෙ දුවක් විදිහට ඒක මගේ ඇස් දෙකට මම දවස ගානේ දකිනනවා. ඒ වගේම එහෙම තනියෙන් ගෙවල් දොරවල් බලං ඉන්න අම්මලා හුඟාක් මම දන්නවා.අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ගේ ආදරය රැකවරණය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තී. පිරිමින්ට බැරි දහසක් දේ ගැහැණියකට කරන්න හැකියාව තියෙනවා…

ඒකට මගේ මල්ලී… මිනිස්සු මොන කතා කිව්වත් සතපහකට ගනං නොගෙන මගේ සහ අම්මාගේත් හිත් හදන දෙවියෙක් වගේ මනුස්සයෙක්. මට මං කසාද බඳින දවසටත් එයා මාව අතින් අල්ලං ඒ ශක්තිය මට දෙනවා කියන්න මම හොඳටම දන්නවා… මල්ලි කෙනෙක් අක්කා කෙනෙක්ට උතුම් සම්පතක්. ඔයා වගේ මල්ලි කෙනෙක් ලබන්න ආත්ම ගානක් මම පිං කරලා ඇති ශේන්.

මගේ අම්මට පිංසිද්ද වෙන්න මට තනියෙන් ඕනම දෙයක් කරන්න හැකියාව තියෙනවා. ගෙයක් අස් පස් කරන්නද, උයන්න ද, වාහන එලවන්න ද, වාහන හෝදන්නද, වැඩිහිටියන් ගෙ ඕනම කැත කුනුක් අතගාලා ඔවුන්ට උදවු උපකාර කරන්න ද, දරුවන් බ්ලාගැනීමට ද, මෙවැනි දේවල් බොහෝමයක් කරන්න මට ශක්තිය හැකියාව තියෙනවා.සදහන් කරපු දේවල් බොරු කියන්න කාටවත් බෑ මොකද ඒ දේවල් සියැසින් දකින මිනිසුන් දහස් ගානක් මගේ වටේ ඉන්නවා.
ඒ ශක්තිය ඇති කරපු මගේ දිරිය කාන්තාවන් වන අම්මාට සහ මගේ මම්මාට ගොඩාක් පිං.

ලියන්නම හිතුන අදහසක් විතරයි.
#ඇගයීමේපෝස්ටුවක්පමණි

-කවී🌸-

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.