Home Hollywood තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව

තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව

243
0

නවසීලන්ත අගමැතිනී Jacinda Ardern ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදු කළාය.

මේ සමග තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වේ.

සිය ධූරය දරමින් සිටියදී දරුවෙකු ප්‍රසූත කළ පළමු වැනි නායිකාව වන්නේ 1990 වසරේදී දියණියක බිහිකල බෙනසීර් භූතෝ මහත්මියයි

දරු ප්‍රසූතිය සඳහා නියම කළ දිනයට දින හතරකට පසු බ්‍රහස්පතින්දා (ජූනි 21) අලුයම ඇය ඕක්ලන්ඩ් නගරයේ රෝහලකට ඇතුළත් කරන ලද අතර, එහිදී කිලෝ 3.31 ක් බරැති දියණියක් බිහි කළාය.

කෙසේ නමුත්, ප්‍රසූත නිවාඩු සමයෙදීත් තමන් කැබිනට් පත්‍රිකා පරීක්ෂා කරමින් දිගටම මූලිකත්වය ගෙන කටයුතු කරන බව ඇය පවසා තිබේ.

“වැඩ කීපයක් එක විට කරන පළමු කාන්තාව මම නොවේ. සේවය කරමින් දරුවන් ලද පළමු කාන්තාව ද නොවේ. මීට පෙර මේ දෙයම කළ කාන්තාවන් බොහොමයක් ඉන්නවා” ඇය මේ වසර මුලදී නවසීලන්ත ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී පැවසුවාය.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.