Home Hollywood තවත් අපූරු චිත්‍රපටයක් ‘Aquaman’ – Photos / Video

තවත් අපූරු චිත්‍රපටයක් ‘Aquaman’ – Photos / Video

75
0

ඩී.සී. චිත්‍රකතා වීරයකු වන ‘Aquaman’ ගෙ  වික්‍රම අපට 2017 වසරේ තිරගත වුණු සුපර්මෑන්, බැට්මෑන්, වොන්ඩර් වුමන්, සයිබෝග් සහ ෆ්ලෑෂ් යන වීර චරිතවල එකමුතුවෙන් නිර්මාණය වුණු ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයෙන් හරහා දකින්න ලැබුණා

ඇක්වා මෑන් එසේත් නැතිනම් ආතර් කරී ලෙස චරිත නිරූපණයේ යෙදෙන්නේ හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන ජේසන් මමෝවා ය.

‘Aquaman’ චිත්‍රපටයට පාදක වන්නේ ආතර් කරීගේ උපත සහ ඔහු වීරයකු වී, මුහුදු පතුලේ සැඟවුණු ඇට්ලැන්ටිස් රාජධානියේ රජු වන අයුරුය.

‘Aquaman’ හෙවත් ආතර් කරී ට සාගර ජීවීන් සමඟ සම්බන්ධ වීමටත් ඔවුන්ගේ සයාය ලබා ගැනීමටත් හැකියාව ඇත.

ඔහුට අයෝමය ශක්තියක් ඇති අතර, සෙසු ඇට්ලැන්ටිස් වැසියන් සේම මුහුද යට හුස්ම ගැනීමට පුළුවනි. මනුෂ්‍යයන් සහ ඇට්ලැන්ටිස් වැසියන් සමඟ සාමය ඇති කිරීමට යොමු වන්නේ ‘Aquaman’.

ඇක්වාමෑන් ජේම්ස් වෑන්ගේ අධ්‍යක්ෂණයකි. ‘Aquaman’ ලොව පුරා තිරගත වනු ඇත්තේ දෙසැම්බර් 21 වැනිදා සිටය.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.