Home Rasa Cricket තවත් අලුත් එකක්, මීට පස්සේ නිපන්දුව පරීක්ෂා කරන්නේ තෙවන විනිසුරු.

තවත් අලුත් එකක්, මීට පස්සේ නිපන්දුව පරීක්ෂා කරන්නේ තෙවන විනිසුරු.

17
0

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී පන්දු යවන්නෙකු විසින් යවන නිපන්දු නිරීක්ෂණය කරන්නේ පිටියේ විනිසුරුවරයා විසින්.

කඩුල්ලක් ලබාගත් අවස්ථාවකදී පමණක් එම පන්දුව තෙවන විනිසුරු විසින් නිපන්දුවක් දැයි පරීක්ෂා කරනු ලබනවා.

නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තීරණයකට අනුව ඉදිරි මාස 6 ඇතුලත දී අත් හදාබැලීමක් ලෙස නිපන්දු නිරීක්ෂණය කිරීමට තෙවන විනිසුරු වෙත භාර දී තිබෙනවා.

මෙම නීතිය මින් පෙර 2016 දී එංගලන්ත – පකිස්ථාන එක් දින තරඟාවලියක් අතරතුර ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් මෙවර එම නීතිය පුළුල්ව ජාත්‍යන්තර එක්දින තරඟ සඳහා භවිතා කෙරෙනු ඇති.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.