Home Rasa Cricket දැඩි රැකවල් මධ්‍යයේ ශ්‍රී ලංකා පකිස්ථාන දෙවන තරඟය අද.

දැඩි රැකවල් මධ්‍යයේ ශ්‍රී ලංකා පකිස්ථාන දෙවන තරඟය අද.

52
0

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද පකිස්ථානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.

එම තරඟාවලියේ පළමු තරඟය අයහපත් කාළගුණය හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා. එමෙන්ම දෙවැනි තරගයද දිනකින් කල් දැමීමට දෙපිලේම කැමැත්තෙන් තීරණය කළා.

දෙවන තරඟයට අදාල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ඊයේ දිනයේදී පැවැත්වුණා. අද තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමේදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 8000 කට අධික ආරක්ෂක හමුදා බල ඇණි කටයුතු කර ඇති බවද වාර්තා වනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.