Home Rasa Cricket දිනෙෂ් චන්දිමාල් සහ විනිසුරුවන් ගැටෙයි. තරඟ ආරම්භය පමා කල නිසා ශ්‍රී ලංකාව...

දිනෙෂ් චන්දිමාල් සහ විනිසුරුවන් ගැටෙයි. තරඟ ආරම්භය පමා කල නිසා ශ්‍රී ලංකාව අවදානමක.

164
0

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරඟයේ විනිසුරුවන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව පලුදු කලා යැයි චෝදනා කිරීමත් සමඟම ඊයේ දිනයේ තරඟය ආරම්භ වීම ප්‍රමාද වුණා.

පලුදු වූ පන්දුව වෙනුවට විනිසුරුවන් විසින් නව පන්දුවක් ලබා දුන් අවස්ථාවේදී මත ගැටුමක් හටගෙන තිබෙනවා.

එහිදි වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ නායක දිනේෂ් චන්දිමාල් විනිසුරුවන්ට දැඩි විරෝධයක් එල්ල කරමින් කණ්ඩායම සමග පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කළා.

පසුව විනිසුරුවන් විසින් කෝදෙව් කණ්ඩායමට අතිරේක ලකුණු 5 ක් සහ තෙවන දිනයේ ක්‍රීඩා කිරීමට කොදෙව් කණ්ඩායමට වෙනත් පන්දුවක් තෝරා ගැනීමේ අවස්ථාව ලබ දුන්නා.

දිගින් දිගටම විනිසුරු තීරණ වෙත අවනත නොවූ නායක දිනේශ් චන්දිමාල් පිටියට පැමිණීම ප්‍රතිෂේප කළා.

පසුව තරඟය අරම්භ වුණේ පෙරවරු 11.40 ට පමණ.

කෙසේ වෙතත් තරඟය පුරාවටම විනිසුරුවන්ගේ තීර්ණ ගැන බෝහෝ රසිකයින් චෝදනා එල්ල කල තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.