Home Gossip නටාෂා ලෙස පෙනී සිටින ඕෂදී – Photos

නටාෂා ලෙස පෙනී සිටින ඕෂදී – Photos

250
0

ඕෂධී හිමාෂා චාවින්දි නමට වඩා රූපය බොහෝ අයට සමීපයි ඇයගේ විලාසිතාවන්ට බොහෝ දෙනා චෝදනා කළත් විවිධ කතා කිව්වත් ඇය කරන්නේ ඇයට හිතන දේම විතරයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වුණු ලිපියක්.

  • ඔබ එක්තරා වීඩියෝවක එක් අවස්ථාවකදී අඩ නිරුවතින් රංගනයේ යෙදෙනවා?

මං එහි ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය දැන් මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා.

  • හිතේ දෙගිඩියාවකිකන් නෙවෙයි ද එහි රඟපැවේ?

කොහෙත්ම නැහැ.

  • වෘත්තීයට සාධාරණයක් කරන්නේ අඩනිරුවතින් රගන ඒ වාගේ ්චරිත රඟපෑමෙන්ද?

මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ඔය කියන වීඩියෝ එකෙන් සමාජයට හොඳ පණිවුඩයක් දෙනවා. ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රංගන ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ. සාමාන්‍යයෙන් එවැනි චරිතයක් රඟපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා.

  • ඒ ඔස්සේ ඔබට අයුතු යෝජනා එහෙමත් එන්න ඇති?

වාසනාවට එහෙම වුණේ නැහැ. ඒකත් බලපාන්න ඇති මට මානසික පීඩනයට පත්වන දේවල් නොවෙන්න.

  • ඔබේ සැමියා ගැන විස්තර කිව්වොත් ?

මගේ සැමියා චානක අමිත්. අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක මේක. කාලයක් තිස්සේ අප හඳුනනවා. එයාගෙන් අහලා තමයි මං සෑම නිර්මාණයක්ම බාර ගන්නේ.මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන්ව බිකිිනියෙන් දක්නට පුළුවන්. එහෙයින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි.

  • ඕෂධී ටෙලි නාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබුණේ නැතිද?

මං ටෙලි නාට්‍ය බාර ගන්නේ නැ

  • ඇයි ඒ?

ටෙලිවලට ගියාම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සියල්ලටම වඩා මට මගේ පවුල් ජීවිතය වැදගත්. ඒකට මූලිකත්වය දෙන නිසා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

  • ඔබ සිනමාවට පිවිසි උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ සිනමාපටය ගැන කතා කළොත්?

මං ගොඩක් වාසනාවන්ත වුණා උදයකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ඔස්සේ සිනමාවට එන්න. මං ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි මගේ චරිතයේ නම නටාෂා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා සමීප චරිතයක්. මගේ රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මං එහි සතුටින් රඟපෑවා.

  • ඕෂධීගේ මිල දැන් ටිකක් ඉහළ ගිහින් ඇති?

අන් අයගේ මිලට සාපේක්ෂව මගේ මිල වැඩි ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මට සරිලන මගේ මහන්සියට අදාලව මිලක් මං අය කරනවා.

  • මෙරට නිෂ්පාදනය වන නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට කතා කළොත් ඕෂධී මොකද කියන්නේ?

මං කියන්නේ බැහැ කියන එක.

  • හේතුව?

මං වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්නේ නැහැ කියන අදහසින් ඉන්නේ.

  • සිනමාපටය සම්භාව්‍ය එකක් වුණොත් ඔබේ ප්‍රතිපත්තිය ඒකමද?

එතන්දි මෙහෙමයි, ඒ වගේ වෙලාවකදී මං ගෙදරින් අහලා බලනවා. තවම එවන් වූ අවස්ථාවකට මුහුණ දීලා නැහැ.

 
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.