එළඹෙන නවසීලන්ත – ශ්රී ලංකා ක්රිකට් තරඟාවලියේ නවසීලන්ත පුහුණුකරවෙකු ලෙස එක් වීමට තිලන් සමරවීර තීරණය කර ඇති බව වාර්තා වනවා.
ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පිතිකරුවන් පුහුණු කරවීමට තිලන් සමරවීර නවසීලන්ත කණ්ඩායම සමග එක් වීමට තීරණය කර තිබෙනවා.
තිලාන් සමරවීර ටෙස්ට් තරඟ 81 කදී ශතක 14 ක් වාර්තා කර තිබෙන අතර ඉන් දෙකක්ම වාර්තා කර තිබෙන්නේ නවසීලන්තයට එරෙහිවයි.
කලක් ඔහු බංගලාදේශ කණ්ඩයමේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කර තිබෙනවා.තවද ඔහු 2018 අයි.පී.එල් තරඟාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කර තිබෙනවා.