Home Gossip නිදි අතරේ ඇඳ යටට රිංගූ අඩි 8 ක යෝධ කිඹුලා – Photos

නිදි අතරේ ඇඳ යටට රිංගූ අඩි 8 ක යෝධ කිඹුලා – Photos

190
0

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයෙකු නිදා සිටින ඇඳ යට වැතිර සිටි යෝධ කිඹුලෙකු ගැන තොරතුරු වාර්තා වුණා.

අඩ නින්දෙන් ඇහැරුනු මෙම පුද්ගලයා තමන් නිදා සිටි ඇඳ මෙට්ටය අතරින් අඩි අටක් පමණ දිග මෙම කිඹුලා සිටින අයුරු දැක ගන්නට ලැබී තිබෙනවා.

කිඹුලා දුටු සැනින් ඔහු එම ස්ථානයෙන් වහා ඉවත් වී ගොස් තම අසල් වැසියන්ගෙන් උදව් ඉල්ලා තිබෙනවා.

සිදුවීමට මුහුණ දුන් Babubhai Parmar , අවුරුදු 30 වයසැති ගොවියෙක්. ඔහු පවසන ආකාරයට මෙම කිඹුලා ඔහුගේ නිවසට මීටර් 500 ක් පමණ දුරින් පිහිටා ඇති වැවේ සිට පැමිණ ඇති බවයි.

බිත්තර දැමීමට ස්ථානයක් සොයමින් මෙම ඉසව්වට කිඹුලා පැමිණ ඇති බව ඔහු විශ්වාස කරනවා.

පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ ගම් වැසියන් එක්ව කිඹුලා කොටු කර ගැනීමට සමත් වී තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.