Home Gossip නීති නැති සෞදි කුමරිය

නීති නැති සෞදි කුමරිය

311
0

ලෝකයේ රටවල් අතරින් සෞදි අරාබිය කියන්නේ දැඩි නීති රීති පනවා ඇති මුස්ලිම් රාජ්‍යයක්. එරට කාන්තා ඇදුම් පිළිබඳව ක්‍රියාත්මක වන්නේද එවැනි දැඩි පිළිවෙතක්.

සාමන්‍ය ජනතාවගේ සිට රජ පෙළපත දක්වා විහිදී ඇති සෞදියේ නීතියට පිටින් ක්‍රියාත්මක කෙනෙකු ද සිටිනවා.

ඒ හිජාබ් හෝ බුර්කා නොඅඳින සෞදි අරාබි රජ කුමරිය Deena Abdulaziz Al-Saud කුමරියයි.

ඇයගේ සුවිශේෂීත්වය වන්නේ ඇය තමන්ට සුදුසු විලාසිත අනුගමනය කිරීමට පෙළඹීසිටීමයි.

යුරෝපීය හැඩරුවක් ගන්නා කෙටි කොණ්ඩය, කෙටි ඇඳුම් ඇතුළු විවිධාකාර මෙවලම් ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබි රජ කුමරු වන Abdulaziz bin Nasser bin  Abdulaziz Al Saud හා විවාහ වූ Deena, දියණියකගේ හා නිවුන් පුතුන් දෙදෙනෙකුගේ මවකි.

කුමරියට ඇයටම විශේෂිත වූ ඇඳුම් වෙළඳසැලක් ඇති අතර එහි පාරිභෝගිකයින් වන්නේ ඇයගේ පෞද්ගලික ආරාධිතයින් බවයි සඳහන් වන්නේ.

යම් කාලයක් තුළ ඇය New York නුවර වාසය කර ඇති අතර ඇයගේ ඇඳුම් රටාවේ වෙනසට එහි බලපෑමක් ඇති වුවා යැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.