Home Bollywood පද්මාවත් මැලේසියාවේ තහනමට – Video

පද්මාවත් මැලේසියාවේ තහනමට – Video

258
0
මුස්ලිම් – හින්දු සහ සම්බන්ධය නිරූපණය කරන ඓතිහාසික වෘත්තාන්තයක් පදනම් කර ගත් ”පද්මාවත්” චිත්‍රපටය මැලේසියාව විසින් එරට ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ.
ඉන්දීය සම්භවයක් සහිත විශාල ජන කොටසක් වෙසෙන මැලේසියාව හින්දි චිත්‍රපට සඳහා ප්‍රධාන වෙළෙඳපොලක් ලෙස සැලකෙයි.
කෙසේ නමුත්, මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන මැලේසියාවේ චිත්‍රපට පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ මෙම චිත්‍රපටය ඉස්ලාම් දහමට සංවේදිවන බැවින් ප්‍රදර්ශනය සඳහා අනුමත කළ නොහැකි බවයි.
මැලේසියාවේ චිත්‍රපට පාලක මණ්ඩලයට පුළුල් බලතල හිමිවන අතර, එහි තීන්දු අධිකරණය ඉදිරියේ හෝ අභියෝග කළ හැකි නොවේ.
”පද්මාවත්” චිත්‍රපටය මැලේසියාව විසින් එලෙස තහනම් කළ ද එය ප්‍රදර්ශනයේ මුල් දින 03 තුළ ඉන්දීය රුපියල් කෝටි 56කට වැඩි ප්‍රමාණයක් උපයා තිබේ.
එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.