Home Gossip පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි. ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්.

පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි. ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්.

68
0

මේ වනවිට ඇද හැලෙන අධික වර්ශාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට ඉදිරි පැය 24ක කාලය තුළ මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇද හැලීමට නියමිතයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට මිලිමීටර් 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.