Home Bollywood ප්‍රියංකා පාකිස්තානයෙන් සමාව ගත්තේ ඇයි?

ප්‍රියංකා පාකිස්තානයෙන් සමාව ගත්තේ ඇයි?

243
0

Quantico කතා මාලාව හරහා ජනප්‍රිය වී සිටින ප්‍රියංකා  එම කතා මාලාවේ  එෆ්.බී.අයි. පරීක්ෂකවරියක වන ඇලෙක් පෙරිෂ්ගේ චරිතයට පණ දෙයි.

මේ වනවිට තිරගත වන්නේ Quantico කථා මාලාවේ තෙවැනි වැඩසටහන් පෙළය.

ත්‍රස්තවාදියකු ග්‍රහණයට හසු කර ගැනීම සඳහා පසුගිය දා  විකාශය වූ කතාංගයේ, ඇමෙරිකාවේ බෝම්බ පිපිරීමක් සිදුකර එහි චෝදනාව පකිස්තානය පිට පැටවීමට ප්‍රියංකා චොප්රාගේ ඇලෙක් පෙරිෂ් චරිතය බොරු සැලැස්මක් ඉදිරිපත් කරයි.

ප්‍රියංකා බොරුවට හෝ පාකිස්තානය සම්බන්යෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන ඇයට පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පාකිස්තාන වැසියන් ත්‍රස්තවාදීන් යැයි Quantico වැඩසටහන හරහා වැරැදි ප්‍රතිරූපයක් ලොවට පෙන්නුවේ යැයි, Quantico වැඩසටහන නිෂ්පාදනය කරන ඒ.බී.සි. නාළිකාවට ද දොස් අහන්න සිදුවිය.

මේ ප්‍රශ්ණය නිසාම ප්‍රියංකා පමණක් නොව, ඒ.බී.සී. නාළිකාව ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රෙක්ෂකයන්ගෙන් මෙන්ම පාකිස්තානයෙන් ද සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.