Home Bollywood ප්‍රියංකා සහ නික්ගෙ විවාහය පවත්වන්න යනතැන ගැන පුංචි ඉඟියක්

ප්‍රියංකා සහ නික්ගෙ විවාහය පවත්වන්න යනතැන ගැන පුංචි ඉඟියක්

202
0

හින්දු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් ප්‍රියංකා චොප්රාගේත් නික් ජොනාස්ගේත් විවාහ ගිවිස ගැනීම සිදුවුණේ මුම්බායි නුවර පිහිටි ප්‍රියංකාගේ නිවසේදීයි.

දැන් ප්‍රියංකාගේ රසික පිරිස පමණක් නොවෙයි, මුළු ලොවම බලා සිටින්නේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ගැන අලුත් ම තොරතුරු දැන ගන්නයි.

හොලිවුඩ් පුරවරයෙන් ලැබෙන නැවුම් පුවතකට අනුව විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ හවායි දූපත්වලදී ලු.

මෙවැනි තැනක විවාහ මංගල උත්සවය පැවැත්වීමට අදහස් කර ඇත්තේ පැපරාසි ඡායාරූපකරුවන්ගෙන් බේරී සිටීමට බවයි, මනාල යුවළ ගේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ.

ඒ විතරක් නොවෙයි, නික් ජොනාස් වඩාත් ම කැමැත්තක් දක්වන්නේ හවායි දූපත් වලට නිසාලු මේ උත්සවය එහි පැවැත්වීමට තීරණය කර ඇත්තේ.

සමහර විට මේ මංගල්‍යය ‘බීච් වෙඩින්’ එකක් බවට පත්වීමට ඉඩ ඇතැයිද සමහර ආරංචි පවසනවා. ඒ වුණත් තවමත් මේ ගැන වැඩි විස්තර ප්‍රසිද්ධ වෙලා නැහැ.

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.