Home Hollywood පැරිස් හිල්ටන්ගේ ඩොලර් මිලියන දෙකක් වටින මුද්දට වෙච්ච දේ – Photos

පැරිස් හිල්ටන්ගේ ඩොලර් මිලියන දෙකක් වටින මුද්දට වෙච්ච දේ – Photos

37
0

ඩොලර් මිලියන 2 ක් වටිනා ගිවිස ගැනීමේ රන් මුදුව නැතිවීම නිසා පැරිස් හිල්ටන්  පැය ගාණක් ගොඩාක් දුකින් හිටියලු

ඇය දුක් වුණේ මුදුවේ වටිනාකම නිසා නෙමේ එය ඇගේ  විවාහ ගිවිස ගැනීමේ මුදුව නිසයි. මේ මුදුව නැතිවුණේ මියාමි නුවර සුපිරි හෝටලයක් තුළ ඇගේ පෙම්වතා ක්‍රිස් සිල්කා සමඟ ආලිංගන නැටුමක යෙදී සිටිද්දියි.

කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පසුව පැරිස් ගේ වටිනා මුදුව සොයා ගැනීමට හැකිවෙලා. එය සොයා ගෙන ඇත්තේ ඇගේ අනාගත සැමියා විසින්මයි.

මේ මුද්ද ටිකක් බර එකක්. මම ක්‍රිස් එක්ක ඩාන්ස් කරමින් ඉන්න අතරෙදි තමයි, ගැලවිලා ගිහින් අපි හිටපු තැනට මේස කීපයකින් එහා තිබුණු අයිස් බකට් එකකට වැටිල තියෙන්නෙ. දෙවියන්ට ස්තුතිවේවා. මේක හොයා ගත්තෙ ක්‍රිස්. ඇත්තට ම ඒ සොයා ගැනීම ආශ්චර්යයක්. එහෙම හොයා ගත්තෙ නැත්නම් කවුරු හරි ඒක අරගනීවි. ආපහු දෙන එකක් නම් නැහැ. මම හරිම වාසනාවන්තයි.”

ඔන්න ඔහොම තමයි මුද්ද හම්බඋණාට පස්සේ ඇය සතුට ප්‍රකාශ කරලා තිබුණේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here