Home Hollywood පුරවැසි ප්‍රශ්ණය විසඳුණු පසුව මංගල ‍උත්සවය ගන්නවා

පුරවැසි ප්‍රශ්ණය විසඳුණු පසුව මංගල ‍උත්සවය ගන්නවා

207
0

පසුගිය ජූලි මාසයේදී හේලි බෝල්ඩ්වින් සමඟ ජස්ටින් බීබර් විවාහ ගිවිස ගත්තත්, ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය මෙතෙක් පවත්වා නැහැ. කෙතරම් මුදල්  තිබුණත් දෙදෙනා එක් තැන් වන්නට කලින් කළයුතු නීතිමය කටයුත්තක් තිබෙනවා. ඒ තමයි, බීබර්ගේ පුරවැසි ප්‍රශ්නය විසඳා ගැනීම.

බීබර්ගේ මවුරට කැනඩාව, හේලිගේ මවුරට ඇමෙරිකා එක්සත් ජනපදය, බීබර්ට අවශ්‍ය වී ඇත්තේ ඇමෙරිකාවේ පදිංචි වෙන්නටයි.

පසුගියදා ඔහු ඇමෙරිකාවේ සහ කැනඩාවේ වාසය කිරීමට අවශ්‍ය වන ද්විත්ව පුරවැසිකම ඉල්ලා සිටියා. තමන්ගේ මවුරට වන කැනඩාවේ පුරවැසිකම පවතිද්දී ඇමෙරිකාවේ පදිංචිවී සිටීමට අවශ්‍ය නීත්‍යනුකූලබව තමයි ඔහු ඉල්ලා සිටින්නේ.

මේ පුරවැසි ප්‍රශ්නය විසඳුණු පසුව මංගල ‍උත්සවය පවත්වන බවයි බීබර් පවසන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.