Home Gossip මගීයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු දුම්රිය රියදුරාගේ වැඩ තහනම් – Photos

මගීයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදුණු දුම්රිය රියදුරාගේ වැඩ තහනම් – Photos

29
0

මගියෙකුට පරුෂ වචනයෙන් බැණ වැදි දුම්රිය එන්ජිමට මගීන් නංවාගත් රියදුරෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම රියදුරා මගියෙකුට බැණ වැදුන ආකාරය ඇතුලත් වීඩියෝව, සමාජ ජාලා වෙබ් අඩවි තුල කාගෙත් කතාබහට ලක් වුණා.

මෙය සිදුව ඇත්තේ ඊයේ සවස කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේදීයි.

එහිදි එම රියදුරා විසින් දුම්රිය එන්ජිමට නැගීමට මගීන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දී , එයට ගොඩවීමට උත්සහ දරණ තවත් මගියෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී ජීවිත තර්ජන එල්ල කර තිබෙනවා.

රියදුරා පවසන්නේ එම මගීයා විසින් තමාට බැණ වැදුනු බවත් එම කොටස වීඩියෝව අඩංගු නොවන බවයි.

වෙතත් පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.