Home Rasa Cricket මහේල , මාලිංග IPL අවසන් තරඟය දක්වා ඉදිරියටම .

මහේල , මාලිංග IPL අවසන් තරඟය දක්වා ඉදිරියටම .

121
0

මහේල ජයවර්ධන විසින් ප්‍රධාන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ IPL Playoffs වටයේ ප්‍රථම තරඟයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කිරීමත් සමඟම ඔවුන් IPL අවසන් තරඟයට ඊයේ සුදුසුකම් ලැබුවා.

චෙන්නායි MA Chidambaram Stadium ක්‍රීඩාංගණයයේදී පැවති තරඟයේ, ප්‍රථමයෙන් පන්දුවට පහර දෙනු ලැබුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. ඔවුන් තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් රැස් කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 03 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කරන්නට හැකියාව ලැබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙලෙස අයි.පී.එල් අවසන් තරඟයක් සඳහා සුදුසුකම් ලබා ඇති පස් වන අවස්ථාව මෙයයි.ඊයේ දිනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතින් පරාජයට පත් වූයේ මහේන්ද්‍ර සිං දෝනි විසින් මෙහෙයවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

නමුත් ඔවුන් පරාජයට පත් වුවත් playoffs ක්‍රමය අනුව ලකුණු සටහනේ තුන් වන සහ හතර වන කණ්ඩායම් දෙක අතර තරඟයෙන් එනම් ඩෙල්ලී කැපිටල්ස් සහ සන් රයිසස් හයිඩ්‍රාබාද් තරඟයෙන් ජයග්‍රජණය කරන කණ්ඩායම සමඟ නැවත් තරඟයක් ක්‍රීඩා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා.

එම තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට ලබන 12 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ අවසන් තරඟය ක්‍රීඩා කරනු ඇති.

මුබායි ඉන්දියන්ස් කණ්ඩායමේ කැපී පෙනෙන ලෙස පන්දු යැවූ ලසිත් මාලිංග අයි.පී.එල් අවසන් තරඟය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලෝක කුසලණ කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.