Home Tech මීට පස්සේ මුහුදේ සිදුවන හොර වැඩ සොයන්න අභ්‍යවකාශයට යවපු අලුත්ම ගැජට් එක...

මීට පස්සේ මුහුදේ සිදුවන හොර වැඩ සොයන්න අභ්‍යවකාශයට යවපු අලුත්ම ගැජට් එක .

293
0

නීති විරෝධී නාවික කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා බහු කාර්ය චන්ද්‍රිකාවක් බ්‍රිතාන්‍ය විසින් අභ්‍යවකාශ ගතකර තිබෙනවා.

ඉන්දීය රොකට් යානයක් ආධාරයෙන් අභ්‍යවකාශ ගත කර ඇති  NovaSAR  නම් මෙම චන්ද්‍රිකාව බ්‍රිතාන්‍යයට අයත් මුල්ම රේඩාර් චන්ද්‍රිකාවයි.

ඕනෑම කාලගුණ තත්ත්වයක් තුළ මෙන්ම දිවා රාත්‍රී වෙනසකින් තොරව මෙම චන්ද්‍රිකාව හරහා පෘතුවියේ පැහැදිළි ඡායාරූප ගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ නීති විරෝධි නාවික කටයුතු නිරීකෂණය කිරීමයි.මීට අමතරව වනාන්තර නිරීක්ෂණය , ස්වාභාවික ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම මේ හරහා සිදු කෙරෙනවා.

චීස් ග්‍රේටරයක හැඩයක ආකාරයෙන් නිර්මාණය කර ඇති NovaSAR යනය හරහා පෘතුවියේ ඇති ඉතා කුඩා ප්‍රමාණයේ කුඩා වස්තුවක් වුවද පැහැදිළිව දැක ගැනීමේ හැකියාව තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.