Home Hollywood මේ පුරුද්ද මම ඇති කර ගත්තෙ මගේ අත්තම්මගෙන්

මේ පුරුද්ද මම ඇති කර ගත්තෙ මගේ අත්තම්මගෙන්

268
0

සිරුරේ අඟ පසඟ හැඩ ගැන්වීමකින් තොරව සිනමා සම්මාන උලෙළ වලට පැමිණෙන නිළියක් ගැන ඔබට හිතන්න පුළුවන්ද?

එවැනි නිළියක් තමයි, Dakota Fanning. ඇය පවසන්නේ තමන්ගේ සිරුර හැඩ ගැන්වීමට කෘත්‍රිම ආලේපන අනවශ්‍ය බවයි. විශේෂයෙන් ම දෑස් වලට කරන කෘත්‍රිම සත්කාර වලට ඇය අකැමැතියි.

“මම ඇස්බැමි හැඩ වැඩ කරන්නෙ නැහැ. මම ඒවා අල්ලන්නෙවත් නැහැ. මේ පුරුද්ද මම ඇති කර ගත්තෙ මගේ අත්තම්මගෙන්.

මට මතකයි, අත්තම්මාත් එයාගෙ ඇහි බැමි ඇල්ලුවේවත් නැති බව.” Dakota Fanning එසේ පැවසුවේ සිනමා නළු නිළියන් වෙනුවෙන් සම්මාන පිරිනැමෙන ගිල්ඩ් සම්මාන රාත්‍රියේදීයි.

ඇය එම උලෙළට රතු පලස මතින් පැමිණියේ කිසිදු වේශ නිරූපණයක් කර නොගෙනයි. ඒ වුණත් ඇගේ සුන්දරත්වයෙහි අඩුවක් නම් දකින්න ලැබුණේ නැහැ. පෙබරවාරි 23 දා වන විට 24 වැනි විය සපුරන මේ යෞවනිය ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ වෙබ් අඩවි වලට දැක්වූයේ අකැමැත්තක්.

මෑතකදී ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ආරම්භ කළා. හැබැයි, ඒ ගිණුම පවත්වාගෙන යන්නේ ඇගේ නමින් නෙවෙයිලු.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.