Home Hollywood රංගනය වෙනුවෙන් බ්‍රැඩ්ට කෝපි කෝප්පයක්

රංගනය වෙනුවෙන් බ්‍රැඩ්ට කෝපි කෝප්පයක්

134
0

නම කෙටි වුණත්, ඔහු හොලිවුඩ් සිනමා ලොව පතාක යෝධයෙක්. ඔහු තමයි, සම්මානනීය නළු, බ්‍රැඩ් පිට්. පසුගිය මැයි මස සිට පුළුල් තිරයේ දිග හැරෙන ‘ඩෙඩ්පූල් – 2’ චිත්‍රපටයේ ඔහු රඟපානවා. නමුත් ඔහු නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතයක් නොවෙයි. කෙටි රංගනයක්.

මේ රංගනය නිරූපණය කරන්නැයි බ්‍රැඩ්ට ඇරයුම් කළේ ‘ඩෙඩ්පූල් – 2’ නිෂ්පාදකවරයකු වන රයන් රෙනෝල්ඩ්ස්. චිත්‍රපටයේ තිර රචකයකු රයන් ට සිහිපත් කළේ එහි එන සුළු චරිතයක් සඳහා වඩාත් ම ගැළපෙන්නේ අන් කිසිවකු නොව බ්‍රැඩ් පිට් ම බවයි. ඒ අදහස පිළිගත් නිෂ්පාදකවරයා, බ්‍රැඩ් ට කතා කර ඔහු ව චිත්‍රපටයට එකතු කර ගත්තා. රංගනය පැහැදිලි කර නිෂ්පාදක රයන්, එම කෙටි චරිතය වෙනුවෙන් ගාස්තුව කොපමණදැයි විමසුවා.

“මට වෙන මොනවත් ඕනෙ නැහැ. කෝපි කෝප්පයක් ලැබුණොත් ඒ ඇති.” නිෂ්පාදකවරයා මවිතයට පත් කරමින් මේ සුපිරි, සම්මානනීය නළුවා පැවසුවා.

“මේ චිත්‍රපටයේ මුළු ලොවම දන්න ජනප්‍රිය නළු නිළියන් අතරට පුංචි චරිතයක් රඟපාන්නයි බ්‍රැඩ් කැමති වුණේ.

රූප රාමු තුනකට සීමා වුණු ඒ චරිතය වෙනුවෙන් කිසි ම දෙබසක් කියන්න තිබුණෙත් නැහැ. මට හරිම පුදුමයි, බ්‍රැඩ් ඒ චරිතය රඟපාන්න ආපු එක ගැන.’ නිෂ්පාදක රයන් පැවසුවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.