Home Bollywood රන්බීර්ට නඩු

රන්බීර්ට නඩු

166
0

‘සන්ජු’ චිත්‍රපටය පසුගිය දිනවල තිරගත වුණේ ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ රන්බීර් කපූර් ද එයින් දැඩි සතුටට පත්වී සිටියා.

ඒ සතුට අතරින් ඔහු වෙත පැමිණියේ අසුබ පුවතක්. ඔහු සතුව පවතින නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිටින කාන්තාව ඔහුට එරෙහිව නඩු පවරලා.

ශිටාල් සූරියවන්ශි නම් වූ මේ කාන්තාව, රන්බීර්ට අයත් නිවසක් බද්දට ගෙන ඇත්තේ 2016 ඔක්තෝබර් මාසයේදී. මේ නිවෙස පිහිටා ඇත්තේ පූන් ප්‍රදේශයේ ට්‍රම්ප් ටවර් නම් වූ නිවාස සංකීර්ණය තුළ.

නිවෙස බද්දට ගන්නා මොහොතේ රන්බීර් සහ ශිටාල් ගිවිසුමකට එළඹෙමින් ලිඛිතව එකඟ වී ඇත්තේ වසර 2 ක් යනතුරු එකිනෙකාට එරෙහිව කිසිදු තීරණයක් නොගත යුතුය යන්නයි.

නමුත් මේ එකඟතාව කඩ කරමින් රන්බීර් තමන්ට මෙම නිවසින් පිටවන ලෙස බලපෑම් කර ඇතැයි පවසමින් තමයි, ශිටාල් ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ.

රන්බීර් ගේ දැනුම් දීම අනුව ශිටාල්, එම නිවසින් 2017 ඔක්තෝබර් මාසයේදී පිටවෙලා. ඇය තවදුරටත් පවසන්නේ තමන් රන්බීර්ට මසකට රු. ලක්ෂ 4 බැගින් මාස 12 ක් සඳහා මුදල් ගෙවා ඇති බවයි. ඊළඟ මාස 12 සඳහා ද රු. ලක්ෂ 4.20 ක මුදලක් ගෙවූ බවද ඇය පවසනවා.

තමන්ට සිදුවූ පාඩුව අයකර දෙන්නැයි ඉල්ලමින් රන්බීර්ට එරෙහිව ශිටාල් විසින් පවරනු ලැබූ මේ නඩුව, අගෝස්තු 28 දා විභාගයට ගැනීමට නියමිත බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.