Home Hollywood රාජකීය පවුලට ඊයේ සිට එක් වූ අලුත්ම කුමරා – වීඩියෝ

රාජකීය පවුලට ඊයේ සිට එක් වූ අලුත්ම කුමරා – වීඩියෝ

100
0

ඩයනා කුමරියගේ බාල පුත් හැරී කුමරු සහ මේගන් මාර්කල්ට දාව පුත් කුමරකු උපන් බව රාජකීය පවුලේ නිළ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සඳහන් කර තිබෙනවා.

එංගලන්ත වේලාවෙන් සඳුදා පාන්දර 5.25 ට උපත ලැබූ රාජකීය පවුලේ අලුත්ම සාමාජිකයාට තවම නමක් නම් යෝජනා වී නැහැ.

ඊයේ දිනයේ සම්මුඛ සාකචාවක් සඳහා එක් වූ හැරී කුමරුන් තම පුතු සහ බිරිඳ සෞඛ්‍ය සම්පන්නව සිටින බව සඳහන් කර තිබෙනවා. තම බිරිඳ මේගන් ගැන ඔහු ඉතාමත් ආඩම්බර වන බවද එහිදී කියා සිටියා.

සුභ ආරංචියෙන් උද්දාමයට පත් එංගලන්ත වැසියන් පාරට බැස රාජකීය කුමරුට සුබ පැතීමට සහ සතුට සැමරීමට අමතක කරලා නැහැ.

තවද නගරයේ විශේෂ ස්ථාන සහ ගොඩනැගිලි එක්සත් රාජධානියේ ධජයේ වර්ණ වලින් හැඩ ගැන්වී ඇති ආකාරයද දකින්නට ලැබුණා.

ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ මිශෙල් ඔබාමාද පුත් කුමරුට සුබ පැතීමට එක්ව තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry
10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.