Home Bollywood රිතික් සුසෑන්ට එහෙම කරයිද?

රිතික් සුසෑන්ට එහෙම කරයිද?

165
0

රිතික් රෝෂන් – සුසෑන් ඛාන් යුග දිවිය දෙදරා ගියේ මීට අවුරුදු 3 කට කලින් බොලිවුඩ්පුරයේ බලගතු යුවළක් හැටියට පෙනි සිටි මේ දෙදෙනාගේ වෙන්වීම ගැන කවුරුත් දුක් වුණා. නීතියෙන් ම වෙන් වූ රිතික් සහ සුසෑන්, යළි එක්වීමේ ඉඩක් ඒ දිනවල තිබුණේ නැහැ.

කාලය දිනෙන් දින ගෙවි යද්දී රිතික් සහ සුසෑන් යළි හමුවෙන්නට පටන් ගත්තා. ඒ, දෙදෙනාගේ උපන්දින සාදවලදීයි. රිතක්ගේ උපන්දිනයට සුසෑන් නොවැරදීම පැමිණියා. සුසෑන්ගේ උපන්දිනයටත් රිතික් එක්වුණා. මේ හැම විටම දෙදෙනාගේ දරුවන් ද එකතු වුණේ හරිම සතුටකින්.(සුසෑන්ගෙන් වෙන් වු පසුව දරුවන් දෙදෙනා රිතික් සමඟයි රැඳී සිටින්නේ) විශේෂයෙන් ම බොලිවුඩ් මාධ්‍යවලට එය කදිම පුවතක් බවට පත් වුණා.

පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ මේ සුපිරි යුවළ ගැන තවත් උණුසුම් පුවතක්. රිතික් – සුසෑන් යළි විවාහ වීමට බලාපොරොත්තු වෙනවා කියලයි එහි සටහන් වුණේ. රිතික්ටත් සැසෑන්ටත් දැන් ඕනෑ යළි අලුත් ගමනක් ආරම්භ කරන්නලු. වෙන්වීම නිසා අසරණ වූ දරුවන් ගැන සිතා යළි විවාහවීමේ අදහසක් දෙදෙනා තුළ පවතින බවයි, මේ උණුසුම් ආරංචියෙන් කි‍යවෙන්නේ.

පසුගිය දා රිතික්ගේ 44 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයටත් සුසෑන් පැමිණ සිටියා. තමන්ගේ යෙහෙළියන් කිහිප දෙනකු සමඟ පැමිණි සුසෑන්, බොහෝ වේලාවක් රැඳී සිටියා. ඒ විතරක් නොවෙයි. උපන්දින සාදයට පැමිණෙන්නට කලින් රිතක් වෙත උපන්දින සුබ පැතුමක් එවු සුසෑන්, එහි මෙලෙසද සටහන් කර තිබුණා “……..ඔබ හැමදාම මගේ ජීවිතයට හිරු මෙන් ආලෝකය ලබා දුන්නා….හැමදාම මට ආලෝකය ලබා දෙන්න. ..!”

කිසිම සැකයක් නැහැ, රිතික් ගෙන් ඒ ආලෝකය, රැකවරණය සුසෑන්ට ලැබේවි. ජනප්‍රිය නිළියක වන කන්ගනා රනවුත් සහ රිතික් අතර පැන නැඟුණු ආරවුලේදී පවා රිතික් වෙනුවෙන් සීමාරහිතව පෙනී සිටි සුසෑන් ව අමතක කරන්නට රිතික්ට හැකිවන එකක් නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here