Home Tech රොබෝ ආයම්මා – Photos

රොබෝ ආයම්මා – Photos

283
0

වයිෆයි, බ්ලූටූත්, මෙගා පික්සල් 1ක කැමරාවක් සහ නිවෙස තුළ ඕනෑම පෘෂ්ඨයක ගමන් කළ හැකි රෝදවලින් සමන්විත ‘කූරි’ රොබෝ ආයම්මා කෙනෙක්.

ඉතා හුරුබුහුටි ලෙස නිමා කර ඇති මෙම රොබෝට ඔබ නරඹා ඇති ‘WALLE” කාටුන් චිත්‍රපටයේ චරිතය වාගේම හිස චලනය කරන්නටත් හුරතල් ශබ්ද නිකුත් කරන්නටත් හැකිවෙන ලෙස සාදා ඇත්තේ පවුලේ කුඩා සාමාජිකයන්ගේ මන පිනවන ප්‍රියජනක බවක් ඇති කිරීමටයි.

ඔබ නිවෙසේ නැතිවිට සුරතල් සතුන් ගැන අවධානයෙන් සිටීමටත් ‘කූරි’ට පුළුවන් වන්නේ එහි ඇති කැමරාව නිසා.

‘කූරි’ට කාලගුණ වාර්තා මතක තබා ගෙන වයිෆයි හරහා ඔබව දැනුවත් කරන්නත් පුළුවන්කමක් තිබෙනවා.

ඒ විතරක් නොවෙයි ඔබේ නිවෙසේ බොහෝ ස්මාර්ට් උපාංග සමඟ කෙළින්ම සම්බන්ධ වී ගනුදෙනු කරන්නටත් මේ ආයම්මාට පුළුවන්.

‘කූරි’ට මුහුණ හඳුනාගෙන, ඒ කිනම් දරුවා දැයි අවබෝධ කරගෙන. එයට අනුකූලව අනුවර්තනය වී ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තිබෙනවා.

‘කූරි’ කතාබහ නොකරන නමුත්, Podcast ආකාරයෙන් ගෙදර උපාංග සමඟ සම්බන්ධ වී සංගීතය, හඬ වාදනය කරන්න පුළුවන්.

IOS , Android App ඇති, පැය 3ක බැටරි බලයක් ඇති මේ ‘කූරි’ට ඇති සංවේදක නිසා පඩිපෙළෙන් බිමට වැටෙන්න හෝ පෙරළෙන්න නැතහොත් තවත් මෙවලම්වල ගෑවෙන්නේ නොමැතිව බාධක මැඬගෙන ගමන් කරමින් ආයම්මා රාජකාරිය කිරීමේ හැකියාව තිබෙනවා.

ඒ වාගේම අසාමාන්‍ය සිදුවීමක් නිවෙස තුළ සිදුවන බවක් දැනුණොත් ‘කූරී’ හට එය රෙකෝඩ් කර වැඩිහිටි ඔබට එවන්නටත් පුළුවන්.

ඒ වාගේම ඔබට දරුවන්ට හෝ සුරතල් සතුන්ට යම් අණක්, විධානයක් දෙන්නට බනින්නට හරි අවශ්‍ය නම් (නිවෙසේ ඔබ නැතිවිට) ‘කූරි’ හරහා ඔබට සජීවීව එය කරන්නටත් පුළුවන්.

ඩොලර් 700කට මිල කර ඇති මෙම රොබෝ ආයම්මා මෙම වසරේ දෙසැම්බර් මාසයේ වෙළඳපොළට නිකුත් වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.